දකුණේ සහ බස්නාහිර වෙඩික්කරුවෝ 08ක් කොටුවෙයි

November 09, 2023 - 8:48 AM
දිවයින පුරා ගත වූ මාස කිහිපයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් රට තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 62ක් සිදු කර තිබෙනවා.

එහි දී පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

රට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සිදු කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව සඳහන්.

එහි දී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, දකුණ සහ බස්නාහිර පළාත්වල වෙඩි තැබීම් සිදු කළ වෙඩිකරුවන් අට දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(lknews.lk)