කෙහෙළියගේ අසනීපයට වෛද්‍යවරු 09ක්

February 19, 2024 - 9:46 AM
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්වය පිළිබඳව පරීෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරු 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට නියම කර තිබෙනවා.

ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින්.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමව තිබුණත් රෝගී තත්වයක් ඇති බව දැනුම් දෙමින් බන්ධනාගාර වෛද්‍යවරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

හිටපු අමත්‍යවරයාගේ පපුවේ වම් පස වේදනාවක් ඇති බවත්, ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවත් එම වාර්තාවේ සඳහන්.
(LKNEWS)