තුර්කියේ නායයාමකින් 09 දෙනෙකු අතුරුදහන්

February 14, 2024 - 4:38 PM
නැගෙනහිර තුර්කියේ රන් පතලක සිදු වූ නායයාමකින් කම්කරුවන් 09 දෙනෙකු අතුරුදන් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අතුරුදන් වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සියයකට අධික සහන සේවකයින් පිරිසක් අනියුක්ත කර ඇති බවයි.

2020 වසරේ සයනයිඩ්, ජලයට මිශ්‍ර වීමේ සිදුවීමක් මුල්කර ගනිමින් මෙම පතල වසා දමා තිබෙනවා.

ඉන් වසර දෙකකට පසු මෙම පතල යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)