ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 10 දෙනෙකු මියයයි

January 19, 2024 - 1:04 PM
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජලාශයක බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මගීන් 27 දෙනෙකු ගමන් කරමින් තිබූ බෝට්ටුවක් මෙලෙස පෙරළී ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අනතුරට ලක්වන අවස්ථාවේ කිසිදු පුද්ගලයෙකු ජීවිතාරක්ෂක කබා පැළඳ සිට නැහැ.

මෙහිදී මියගිය එක් අයෙකු සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 14 ක වන්දියක් පිරිනැමීමටයි ගුජරාට් ප්‍රාන්ත රජය පියවර ගනු ලැබුවේ.
(lknews.lk)