ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 100ක්

March 13, 2024 - 5:10 PM
හෙස්බොල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදා කඳවුරුවලට රොකට් ප්‍රහාර 100කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානයයේ කඳවුරුවලට එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර වශයෙන්.

මෙම ප්‍රහාර වලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ, මේ අතර ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ බාල්බෙක් නගරයට එල්ල කළ ප්‍රහාරවලින් එක් සිවිල් වැසියෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.
(lknews.lk)