පාලම් හදන්න මිලියන 1000ක්

February 17, 2025 - 2:13 PM
ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් මිලියන 3000ක් 2025 අයවැය තුළින් වෙන් කර තිබෙනවා.

ඒ අතර ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මිලියන 1000ක් වෙන්වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර උතුරු පළාතේ මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පමණක් මිලියන 5000 ක් වෙන් කර ඇති අතර මුලතිව් දිස්ත්‍රික්ක සංවර්ධනය යටතේ වඩ්ඩුවාකල් පාලම සංවර්ධනය වෙනුවෙන් මිලියන 1000ක් වෙන් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළා.

(lknews.lk)