පැය 24ක් තුළ සැකකරුවන් 1,067ක් අත්අඩංගුවට

March 16, 2024 - 4:44 PM
යුක්තිය මෙහෙයුම යටතේ පැය 24ක් තුළ සැකකරුවන් 1,067ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ විවිධ වැරදිවලට ​​සම්බන්ධ පුද්ගලයන් 984 දෙනෙකුද ඇතුළත් වෙන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 83 දෙනෙකු, අපරාධ අංශයට යවා ඇති ලැයිස්තුවේ සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, අයිස්, මාවා පෙති සහ ගංජා තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ පොලිස් විශේෂ කාර්යාංශයට යොමුකළ නාමලේඛනයේ සැකකරුවන් 50 දෙනකු සිටින බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
(lknews.lk)