බන්ධනාගාර රැඳවියන්ගේ ශ්‍රමයෙන් මිලියන 116ක් උපයයි

March 14, 2024 - 10:29 PM

2022 සහ 2023 යන වර්ෂවලදී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසුවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2023 වර්ෂයේ දී රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මගින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි.

'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(lknews.lk)