අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක් පීඩාවට පත්වෙයි

October 06, 2023 - 10:28 AM
දිවයින පුරා පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 55,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. 

අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් පවුල් 13,627 ක පුද්ගලයින් 55,780 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. 
 
ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 41,951 දෙනෙකු පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම හානියට පත් ප්‍රදේශය වී තිබෙනවා. 
 
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය DMC නිකුත් කළ නවතම තත්ත්‍ව වාර්තාවට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 705කට හානි සිදුව තිබෙනවා. 
 
විපතට පත් පවුල් 352ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
(lknews.lk)