ගාසා ගැටුම් වලින් ළමුන් 13,000ක් මිය යයි

March 18, 2024 - 10:06 AM
ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000කට අධික ළමුන් පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

තවත් ළමුන් දහස් ගණනක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති බවයි එම සංවිධානය පැවසුවේ.

එමෙන්ම ළමුන් වැඩි පිරිසක් දැඩි මන්දපෝෂණ තත්වයකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා.
(lknews.lk)