මැතිවරණ නීති උල්ලංඝණය කළ 13ක් අත්අඩංගුවට

April 09, 2025 - 11:58 AM
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින අතර මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය මාර්තු මාසයේ 3වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයන් ගණන 13ක්.

ඒ සමග පක්ෂ ආධාරකරුවන් 42ක් සහ වාහන 11ක් ද පොලීස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (08) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12ක් ලැබී ඇති අතර මාර්තු 3 වන දින සිට අද දක්වා වාර්තා වී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 24ක් බවයි පොලීසිය පවසන්නේ.

එම කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 99ක් ද වාර්තා වී ඇති බව සඳහන් කරනවා.

(lknews.lk)