පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙක්ට ස්ථාන මාරුවීම්

February 12, 2025 - 10:26 AM
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව, සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) 139 දෙනෙක් මාරු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානයට අනුව, ස්ථාන මාරුවීම් අදියර දෙකකින් ක්‍රියාත්මක වන බවද එහි සඳහන්.

ඒ එළඹෙන 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එක් කණ්ඩායමක් සහ පෙබරවාරි 18වනදා සිට තවත් කණ්ඩායමක් ලෙසයි.

පොලිස් බලකාය තුළ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් සාමාන්‍ය සේවා ගැලපීම්වල කොටසක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

(lknews.lk)