පසු ගිය පැය 24 තුළ සැකකරුවන් 1467ක් අත්අඩංගුවට

December 29, 2023 - 9:22 AM
ගෙවුණු පැය 24 තුළදී ''යුක්තිය'' මෙහෙයුම තුළින් සැකකරුවන් 1467 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 56ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 51 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්.
(lknews.lk)