ගල් අඟුරු ආකරයක් 16කට මරු කැඳවයි

September 26, 2023 - 8:12 AM
දකුණු චීනයේ Guizhou පළාතේ Panzhou නගරයේ චීන රජයට අයත් ගල් අඟුරු ආකරයක සිදු වූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් Panzhou නගරයේ සියලුම ගල් අඟුරු පතල්වල නිෂ්පාදන කටයුතු දිනකට අත්හිටුවා ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මෙම ප්‍රදේශයේ වසරකට මෙට්‍රික් ටොන් මිලියන 52.5 ක පමණ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන බවයි.

Panjiang Coal ලෙස හැඳින්වෙන චීන රජය සතු සමාගම විසින් එහි සියලුම පතල්වල ආරක්ෂිත පරීක්ෂණ සඳහා නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසූවේ, අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් කුඩා පතල් සඳහා සීමා කිරීම් සහ භූගත ස්වයංක්‍රීයකරණය භාවිතය වේගවත් කිරීම ඇතුළුව, ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා පියවරයන් රැසක් ද බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති බවයි.
(lknews.lk)