නීති විරෝධී ධීවර කටයුතු කළ 17ක් නාවික හමුදා භාරයට

February 21, 2025 - 3:20 PM
නීති විරෝධීව ධීවර කටයුතු කළ ධීවරයන් 17දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ මෙම පිරිස අවුරුදු 18 - 58 අතර වයසේ පසුවන මුලතිව්, පුත්තලම‍, කල්පිටිය, කොට්ටන්තිවු, තෝපුර් සහ මුල්ලියාන් යන ප්‍රදේශයන් හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බවයි.

ඔවුන් සමඟ ධීවර යාත්‍රා 12ක්, යතුරු පැදියක්, නීති විරෝධී ධීවර දැල් 156ක්, මුහුදු කූඩැල්ලන් 184 සහ හක්බෙල්ලන් 22ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

(lknews.lk)