නියඟය හේතුවෙන් ඉතියෝපියාවේ 176 ක් මරුට

December 13, 2023 - 3:20 PM

ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාන්තයේ නියඟය හේතුවෙන් ඇති වූ සාගින්න නිසා අවම වශයෙන් පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු සඳහන් කරනවා.

ප්‍රාදේශීය පරිපාලකයෙකු වන Hadush Asemelash පවසා තිබෙන්නේ මේ වන විට මියගිය අය අතර පිරිමින් 101 ක් සහ කාන්තාවන් 75 ක් සිටින බවයි.

දෙවසරක සිවිල් යුද්ධයෙන් සහ නියඟයෙන් උග්‍ර වී ඇති Emba Sieneti දිස්ත්‍රික්කයේ 45,000ක් පමණ ජනතාව දැඩි කුසගින්නෙන් පෙළෙන බවද ප්‍රාදේශීය ආණ්ඩුකාර Kidanmariam Surafel පවසා තිබෙනවා.
(lknews.lk)