ශ්‍රී ලංකන් ගුවන්යානා ප්‍රමාදයෙන් කෝටි 195ක පාඩුවක්

October 03, 2023 - 12:52 PM
ගුවන් යානාවල ප්‍රමාදයන් හේතුවෙන් පසුගිය දිනවල රුපියල් කෝටි 195ක් පාඩු වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන්වල ප්‍රමාදයන් පිළිබඳව පාලන අධිකාරියෙන් සහ වෘත්තීය සමිතිවලින් කරුණු විමසීම සඳහා අදාළ නිලධාරීන් ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පැවසූවේ, මෙවැනි තත්ත්වයක් තුළ සේවකයන්ට කිසිදු දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බවයි.
(lknews.lk)