1990 සුව සැරිය ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු

December 13, 2023 - 10:11 AM
1990 සුව සැරිය පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care) ඊයේ (12) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ වුණා.

එලෙස ආරම්භ කරන ලද නව සේවාවෙන් රෝහලක් සදහා යාමට පහසුකම් ලබා ගන්නා රෝගී පුද්ගලයෙකුට තමන් රෝහල වෙත ප්‍රවාහනය කරන කාලය තුළ දී එම රෝගියාගේ තත්ත්වය නවීන ක්‍රමවේදයන්ට අනුකුලව නවීන වෛද්‍ය උපකරණ භාවිත කර රෝග නිශ්චය කිරීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම ගිලන් රථය හා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ වෛද්‍යවරුන් සමඟ ඍජුව සම්බන්ධ වීමත්, නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා නිරීක්ෂණය කිරීමත්, වෛද්‍යවරයා විසින් ඊට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම හා ඊට අනුගතව රෝගියා ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් මෙම සේවාවෙන් සිදු කරන ප්‍රමුඛ කාර්යයයන්.
(lknews.lk)