අද සිට පනත් 02ක් බලාත්මක වෙයි

September 15, 2023 - 1:11 PM
නව දූෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවීමට නියමිතයි.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබුණා.

ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බව සඳහන්.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජූලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද අද සිට ක්‍රියාත්මක වන බවයි.
(lknews.lk)