මෙරට රෝහල් 20ක් වැසෙයි

November 09, 2023 - 2:15 PM
වෛද්‍යවරුන් නොමැතිව ලංකාවේ වැසී ගිය රෝහල් ගණන 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කළ සමීක්ෂණයක දී බව ඔහු සඳහන් කළා.

ඒ අනුව මෙසේ වැසී ගිය රෝහල් 20න් බහුතරයක් උතුරු, නැගෙනහිර, වයඔ, මධ්‍යම, පළාත්වල රෝහල් බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර, උපාධිධාරී වෛද්‍යවරයකු නැති රෝහල් 44ක් තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය නිවේදනය කළා.

එසේම ඉදිරියේ දී වැසී යාමට නියමිත රෝහල් 95ක් තිබෙන බවත් සේවා අඩපණ වූ රෝහල් සමස්තයක් ලෙස 150ක් තිබෙන බවත් සඳහන්.
(lknews.lk)