ඉදිරියේදී තවත් අපරාධකරුවන් 20ක් දිවයිනට

May 05, 2025 - 11:24 AM
විදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 20දෙනෙක් ඉදිරියේදී දිවයිනට රැගෙන එන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ පසුගිය මාස 7 තුළ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 11දෙනෙක් දිවයිනට රැගෙනවිත් ඇති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර පොලීසියේ සහයෙන්, අදාළ රටවල් සමඟ සම්බන්ධීකරණයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ විමර්ශන සිදුකරනු ලබනවා.


(lknews.lk)