පොලීසියේ 20ක් ඉන්දියාවට යයි

March 13, 2024 - 3:59 PM
පොලිස් මූලස්ථානයේ 20 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් හයිද්‍රාබද් නුවර බලා පිටත් වී තිබෙනවා.

ඒ, සයිබර් අපරාධ විමර්ශන සහ කෘත්‍රිම බුද්ධි පාඨමාලාවක් සඳහායි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම පාඨමාලාව සදහා එම කණ්ඩායම දිවයිනෙන් පිටත් වී තිබෙනවා.
(lknews.lk)