කුවේට්හි සිටි ශ්‍රී ලාංකේය සිරකරුවන් 20ක් මෙරටට
March 27, 2025 - 9:05 AM
කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකේය සිරකරුවන් 20 දෙනෙක් කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ, මෙරටට භාරදීම සඳහා ඊයේ (26)එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙනවිත් තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපොළටයි.
කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේදීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනෙක් පළමු වරට මෙරටට ගෙනැවිත් භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සිරකරුවන් කොළඹ, වැලිකඩ මැගසින් බන්ධනාගාර වෙත රැගෙන යෑමට බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
(lknews.lk)