ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් කටයුතු Shell යටතට

November 21, 2023 - 2:32 PM
Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා ඇමරිකාවේ RM Parks Inc සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට නියමිතයි.

මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව ඉන්ධන පිරවුම්හල්වල Mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති.
(lknews.lk)