පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

November 28, 2023 - 12:26 PM
පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ, ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000 ක් පමණ බඳවා ගන්නා බවයි.

ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(lknews.lk)