ලබන වසරේ බදු වියදම රු. 30,000කින් වැඩි වෙයි

December 08, 2023 - 11:47 AM
ආණ්ඩුව පැනවීමට බලාපොරොත්තුවන බදු නිසා 2024 වසරේදී එක් පුද්ගලයෙකුට තවත් රුපියල් 30,000ක් බදු ලෙස ආණ්ඩුවට ගෙවීමට සිදු වන බව ක්‍රම සහ විධි කාරක සභාව අනාවරණය කරනවා.

2020 වසරට සාපේක්ෂව රටේ සෑම පුරවැසියෙකුම මේ වන විට රුපියල් ලක්ෂයක් බදු ගෙවා ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

කෙසේ නමුත් එකතු නොවුණු බදු මුදල් බිලියන 179ක් ඇති බව ද සඳහන්.

එම බදු වහාම පනතට අනුකූලව බැංකු ගිණුම්වලින් හෝ දේපළවලින් අත්පත් කර ගැනීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කමිටුව මගින් මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කළ යුතු බව එම කාරක සභාව සඳහන් කළා.
(lknews.lk)