සුනාමි ව්‍යසනයට වසර 20ක් සපිරෙයි
December 26, 2024 - 10:45 AM
සුනාමි ව්‍යසනයට සිදු වී අදට (26) වසර 20ක් ගත වී තිබෙනවා.
ඒ අනුව මිය ගිය පුද්ගලයන් සිහි කෙරෙන ජාතික සුරක්ෂිතතා දිනය අද දිනයේදී සැමරීමට සූදානම් බව ආපද කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අසළදී සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ජනතාව සිහි කිරීම උදෙසා අද උදෑසන විනාඩි දෙකක නිශ්ශබ්ධතාවයක් පැවැත්වීමටද කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යන අංශයේ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ පවතින තාක්ෂණයත් සමඟ වර්තමානයේදී ලංකාව සුනාමි අනතුරකට මුහුණදීම සඳහා පෙර සූදානමකින් පසුවන බවයි.
(lknews)