ඇෆ්ගනිස්ථානයේ අනතුරකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට

March 17, 2024 - 5:45 PM
ඇෆ්ගනිස්ථානයේ හෙල්මාන්ඩ් පළාතේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ, මාර්ගයේ ධාවනය වෙමින් තිබු මගී බස් රථයක් යතුරුපැදියක සහ ඉන්ධන බවුසරයක ගැටී පෙරළීගොස් ගිනි ගැනීමට ලක්වීමෙන්.

අනතුරෙන් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)