වයස 21 තරුණිය අයිස් සමඟ කොටුවෙයි

January 21, 2024 - 6:02 PM

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය 21වන වියේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකාරිය සන්තකයේ තිබී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 190ක් බව පොලිසිය ප්‍රකාශ කළා.

අදාළ වැටලීම සිදුකර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයයි.
(lknews.lk)