ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 2,166ක් අත්අඩංගුවට

December 19, 2023 - 9:22 AM
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර, සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, තවත් 226 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 370ක්, අයිස් ග්‍රෑම් 556ක්, ගංජා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 800ක්, මාවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 1,075ක් ද සොයා ගැනීමට සමත් වී තිබෙනවා.
(lknews.lk)