ඉන්දීය ධීවරයින් 22ක් අත්අඩංගුවට

March 10, 2024 - 3:20 PM
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව විසින්.

නාවික හමුදාව සඳහන් කළේ, පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රීයේ අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් සතුව තිබී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
(lknews.lk)