කොළඔ නගරයේ සුළු‍ වැසි තත්ත්වයකදී ජලයෙන් යටවන ස්ථාන 22ක්

January 17, 2024 - 10:58 AM
කොළඔ නගරයේ සුළු‍ වැසි තත්ත්වයකදී පවා ජලයෙන් යටවන ස්ථාන 22ක් පවතින බව කොළඔ මහ නගර සභාව පවසනවා.

එහි සහකාර නාගරික කොමසාරිස් නදීකා දමයන්ති සඳහන් කළේ කොළඔ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති ගොඩනැගිලි මෙයට ප්‍රධාන හේතුව බවයි.

එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට මහ නගර සභා ආඥා පනතට අනුව එම ඉදිකිරීම් සිදුකළ පුද්ගලයින්ට දැනුම් දී ඇති අතර එසේ නොකරන්නට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය කියා සිටියා.

එමෙන්ම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් පසු ඔවුන්ගේ අවශ්‍යතා හදුනාගෙන සහන සැලසීමට කටයුතු කර බවද සහකාර නාගරික කොමසාරිස්වරිය තවදුරටත් සඳහන් කළා.
(lknews.lk)