ප්ලාස්ටික් වතුර බෝතලයක පිළිකාකාරක අංශු 240,000ක්

January 11, 2024 - 1:36 PM
බෝතල් කළ ජලය සෞඛ්‍යයට අහිතකර වන අතර ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු 240,000ක් අඩංගු බව අමෙරිකාවේ කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණයක් මඟින් හෙළි කර තිබෙනවා.

ඒ අනුව බෝතල් කර ඇති එක් ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 සිට 400,000 දක්වා පවතින අතර එහි ඇතුලත් විස අංශු ප්‍රමාණය 240,000ක් බවයි අනාවරණය වන්නේ.

එම විද්‍යාඥයන් පිරිස පැවසුවේ ප්ලාස්ටික් බෝතලයකින් ජලය පානය කිරීමෙන් සිරුරට අහිතකර කුඩා පිළිකාකාරක අංශු ඇතුලත් වන බවයි.

එසේම නැනෝ ප්ලාස්ටික් අංශු ඉතාමත් විසකර රසායනික ප්‍රභේදයක් වන අතර ඒවා ඉතා ඉක්මනින් සිරුර වෙත ඇතුළුවීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් සඳහන් කළේ.
(lknews.lk)