අතුරු වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය සේවාවේ 242 කට පත්වීම්

December 21, 2023 - 11:02 AM
අතුරු වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය සේවාවේ 242 කට පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ, බොරැල්ල වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට අනුබද්ධ අධ්‍යන මධ්‍යස්ථානයේ දී ඊයේ (20) මෙම පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු බවයි.

මෙහිදී ඖෂධවේදී පුහුණු පාසල් වලට බඳවාගෙන වසර 2ක ඩිප්ලෝමා පුහුණුව අවසන් කර සිටි 163 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දී තිබෙනවා.

එමෙන්ම වසර 1යි මාස 3ක ඩිප්ලෝමා පුහුණුව අවසන් කළ සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් 56 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
(lknews.lk)