ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මාලදිවයින පිටුවහල් කෙරේ

February 15, 2024 - 12:17 PM
මාලදිවයින රජය විසින් නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු ඇතුළු විදේශිකයන් 186 දෙනෙකු පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇත්තේ, වීසා උල්ලංඝනය කිරීම් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පිරිසක් බව විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

පිටුවහල් කෙරෙන පිරිස අතරට ශ්‍රී ලාංකිකයන් 25 දෙනාට අමතරව බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනෙකු, ඉන්දීය ජාතිකයන් 46 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 08 දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
(lknews.lk)