ශ්‍රී ලංකන් ගුවන් ගමන් 3ක් අවලංගු වෙයි

February 27, 2024 - 11:46 PM
ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගුවන් ගමන්වාර 3ක් මුළුමනින්ම අවලංගු කළ බව එම සමාගම පවසනවා.

එමෙන්ම අද ( 27 ) දිනයේ ගුවන් ගමන්වාර 10 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වූ බවත් එම සමාගම සඳහන් කළා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසන්නේ, මෙය යථා තත්වයට පත් වීමට දින පහක් පමණ ගත විය හැකි බවයි.
(lknews.lk)