ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව තනතුරු 3ක්

March 22, 2024 - 11:03 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව නිවේදනය කරනවා.

ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත් කර තිබෙන අතර ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණ තනතුර සඳහා වෛද්‍ය හෂාන් පත් කර තිබෙනවා.

එමෙන්ම භෞත චිකිත්සක තනතුරට පත් කර ඇත්තේ, ජොනතන් පෝටර්වයි.
(lknews.lk)