දිනකට ඩෙංගු රෝගීන් 300ක්

December 20, 2023 - 9:49 AM
මේ වනවිට දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් ප්‍රමාණය 300ක් පමණ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා තිබෙනවා.

වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය 38,164ක් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 83,065ක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු අධි අවදානම් කලාප 65ක් රට පුරා දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇති අතර ඩෙංගු මරණ 49ක් වාර්තා වී ඇති බවට සඳහන්.

එසේම ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ කිසියම් පුද්ගලයකුට උණ රෝගය පැය 48ක් පුරා පවතින්නේ නම් එය ඩෙංගු බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන ලෙසයි.
(lknews.lk)