අධික වායු දූෂණය නිසා වසරකට පුද්ගලයින් 33,000 ක් ජීවිතක්ෂයට

July 15, 2024 - 3:07 PM
ඉන්දියාවේ පවතින අධික වායු දූෂණය හේතුවෙන් වසරකට පුද්ගලයින් 33,000 ක් මියයන බවට අනාවරණය වී තිබෙනවා.

මේ බව අනාවරණය වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ලැන්සට් සඟරාව විසින් ඉන්දියාවේ නගර 10ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළ අධ්‍යයනයකින්.

එහි දැක්වෙන්නේ අහමදාබාද්, බැංගලෝර්, චෙන්නායි, නවදිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, මුම්බායි, පූනේ, ශිම්ලා සහ වරණාසි යන නගරවල වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බවයි.
(lknews)