වර්ෂාවත් සමඟ ජලාශ 35ක් වාන් දමයි

April 30, 2025 - 10:30 AM
වර්ෂාවත් සමඟ මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතර ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ ඒ අතර වන බවයි.

එමෙන්ම මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ 13ක් ද වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


(lknews.lk)