බස් රථ අනතුරකින් 37ක් රෝහල් ගත කරයි

March 17, 2024 - 10:40 AM
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක් ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ, බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටීමෙන්.

එම අනතුරින් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊයේ (16) සවස් කාලයේදී පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණා.
(lknews.lk)