UN සරණාගත ඒජන්සි කාර්යාල 4ක් වැසෙයි

April 30, 2025 - 11:16 AM
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය මෙක්සිකෝවේ පවත්වාගෙන ගිය කාර්යාල හතරක් වසා දමා තිබෙනවා.

ඒ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ ආධාර කප්පාදු කිරීමෙන් පසුව ඔවුන් මුහුණ දුන් අරමුදල් අර්බුදය හේතුවෙනි.

මේ වනවිට එම කාර්යාලවල පුද්ගලයින් 190 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති බව එම ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කළා.

එමෙන්ම ඒජන්සියේ මෙහෙයුම් සඳහා වෙන්වූ අයවැයෙන් 60%ක් අහිමි වී තිබෙන බව ද එහි නියෝජිතයෙක් පවසනවා.

මෙක්සිකෝව පසුගිය වසරේ ලොව වැඩිම සරණාගතයින් ප්‍රමාණයක් ඇති රටවල් 10 අතරට ඇතුළත් වී තිබුණු අතර ඔවුන්ගෙන් බහුතරයක් කියුබා, එල් සැල්වදෝර, හයිටි, හොන්ඩුරාස් සහ වෙනිසියුලා ජාතිකයන්.


(lknews.lk)