බොරැල්ල මංසන්ධියේදී වාහන 4ක් ගැටෙයි

March 08, 2024 - 10:49 PM
බොරැල්ල මංසන්ධියේ වාහන 4ක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ, මෝටර් රථයක් අධික වේගයෙන් ගමන් කර නවතා තිබූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන්.

එමෙන්ම ඒ අසලින් ගමන් ගත් තවත් වෑන් රථයකට හා මෝටර් රථයකට ද හානි සිදුව තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල නොමැති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)