බිත්තර මිලියන 40ක් මෙරටට

March 09, 2024 - 1:46 PM
උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් මෙරටට ආනයනය කිරීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.

එළෙඹෙන සතියේදී මෙම බිත්තර මෙරටට ආනයනය කරන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.  
(lknews.lk)