ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩීසල් ටොන් 40,000ක්

February 20, 2024 - 1:45 PM
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය වීම සඳහා ජපානය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් පරිත්‍යාගය කර තිබෙනවා.

ඒ, ඊයේ (19) කොළඹ වරායේ 'ඩොල්ෆින් ජැටියේ' පැවති උත්සවයකදීයි.

එය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.

මෙහි ප්‍රධාන අරමුණ බව වන්නේ අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් රට පුරා අඛණ්ඩව ප්‍රවාහනය කිරීමයි.
(LKNEWS)