ආහාර විෂ වීමකින් 43ක් රෝහල් ගත කරයි

September 04, 2024 - 3:21 PM
පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයක සේවකයන් 43 දෙනෙක් අද (04) හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ එම ආයතනයේ ආපනශාලාව විසින් ලබාදුන් උදෑසන ආහාරය විෂ වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.    

පොලීසිය සඳහන් කළේ මෙම පිරිස අතර කාන්තාවන් 25 දෙනෙක් සහ පුරුෂයන් 18ක් සිටින බවයි.

ඔවුන් අවුරුදු 20-40 අතර වයසේ පසුවන බවයි වාර්තා වන්නේ.


(lknews)