වැල්ලම්පිටියේ මෙහෙයුමකින් සැකකරුවන් 43දෙනෙකු අත්අඩංගුවට

November 26, 2023 - 3:57 PM
වැල්ලම්පිටිය - සිංහපුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 43දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර සැකකාරියන් 05දෙනෙකුද වනවා.

පොලිසිය හා යුද හමුදාව එක් ව ඊයේ (25) රාත්‍රියේ සිදු කළ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු එක්ව සිටි බව සඳහන්.

එහිදී එම ප්‍රදේශයේ නිවාස 61ක් සහ පුද්ගලයන් 196ක් පරීක්ෂා කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, මෙම මෙහෙයුම අතරතුර මත්ද්‍රව්‍ය, කඩු, මන්නා ඇතුලු තියුණු ආයුධ සහ ජංගම දුරකථන 12ක් පොලිස් භාරයට ගත් බවයි.
(colombotimes.lk)