නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් 48ක් මරණයට

September 09, 2024 - 10:24 AM
නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 48දෙනෙක් මියගොස් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්ධන රැගත් බවුසරය, ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

අනතුරින් ට්‍රැක් රථයේ සිටි ගවයින් 50දෙනෙක් ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ අනතුර සිදු වූ ස්ථානයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.


(lknews)