5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි වන ලකුණු

December 05, 2023 - 6:23 PM
පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද (05) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

ලෝකයේ සංවර්ධන රටවල මෙන් පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු අතර තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)