බෙලිඅත්තේ වෙඩි තැබීමක් - දේශපාලන පක්ෂයක අයෙකු ඇතුළු 5ක් මරුට

January 22, 2024 - 2:12 PM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී අද (22) උදෑසන 08.40ට පමණ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති අතර වෙඩි තැබූ ඝාතකයින් පැමිණ ඇත්තේ කොළ පැහැති කැබ් රථයකින් බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස වෙඩි වැදීමෙන් මියගිය පිරිස දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් බවටද. තොරතුරු වාර්තා වන බව අප වාර්තාකරු සඳහන් කරනවා.

වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
(lknews.lk)